fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

‘ශ්‍රී ලන්කන්’ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2020 16:15

‘ශ්‍රී ලන්කන්’ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ ප්‍රියංකා විජේනායක මහත්මිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා රහස් පොලිස් අධ්‍යක්‍ෂවරයාට දැනුම් දී තිබෙනවා. මුදල් විශුද්ධිකරණ පනත හා අල්ලස් පනත යටතේ වැරදි සිදුකර ඇති බවට රහස් පොලීසිය දැනුම් දීමෙන් අනතුරුවයි නීතිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ. ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පළල් බඳ සහිත ගුවන් යානා ඇණියක් ලබා ගැනීමේදී මෙම වංචාව සිදුව ඇති බව පැවසෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවය හා එයාර් බස් සමාගම අතර අදාළ ගනුදෙනුවේදී ඇමෙරිකා ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත් බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්‍ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ද අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ නියෝග කළා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2020 16:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්