කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු 04 දෙනෙකුට එරෙහි නඩුව ලබන 07 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය තීරණය කළා.
නීත්‍යානුකූල නොවන ආකාරයට අලිපැටවකු ලග තබා ගැනීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එය අනිද්දා තෙක් බලපැවැත්වෙනවා.ඒ අනුව තිළිණ ගමගේ ගොණුකළ අභියාචන පෙත්සමේ නියෝගය එදින නිකුත් කිරීමට නියමිතයි.