fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අටවන වරටත් ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශුරතාව ජොකොවිච්ට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2020 14:23

අටවන වරටත් ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශුරතාව ජොකොවිච්ට

අටවන වරටත් ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශුරතාව දිනා ගැනිමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත් වුණා. ඒ ඕස්ට්‍රියාවේ ඩොමිනික් තීම් පරාජයට පත් කරමින්.

මෙල්බන් පාර්ක් ටෙනිස් පිටියේ පැවති තරගයේ පළමුවටය පහසුවෙන් ජයගැනිමට ජොකොවිච් සමත් වුණා. දෙවන වටය ලකුණු 06ට 04ක් සහ 06ට02ක් ලෙස ජයගත්තේ ඩොමිනික් තිම්ය. ජොකොවිච් හතරවන වටය ලකුණු 06ට 03ක් ලෙස ජය ගත්තා. තීරණාත්මක පස්වන වටය ලකුණු 06ට 04ක් ලෙස ජයගත් නොවැක් ජොකොවිච් ශුරතාව දිනා ගැනිමට සමත් වුනා. ඔහු දිනාගත් 17වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාව මෙය වීමවිශේෂත්වයක්. මෙම ජයත් සමග ජොකොවිච් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වල පළමු ස්ථානයට පත්විමට සමත් වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2020 14:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්