ශ්රී ලංකා රග්බි සංගමය සංවිධාන කරන අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශ්රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම සමග පැවති දෙවන අදියරේ තරගය ලකුණු 44ට 24ක් ලෙස ජය ගැනිමට ශ්රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම සමත් වුණා. කොළඹ පොලිස් ක්රිඩාංගනයේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට නාවික හමුදා රග්බි කණ්ඩායම ලකුණු 34ක් ලබා සිටියා. එම අර්ධයේදී පොලිස් රග්බි කණ්ඩායම ලබා සිටියේ ලකුණු 12 ක් පමණයි. තරගයේ දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. එම අර්ධයේදී අක්රමණශිලි තරග රටාවක නිරත වු නාවික හමුදා ක්රිඩකයින් ලකුණු 44ක් ලබා ගනිමින් පෙරමුණ ගැනිමට සමත් වුණා. ඊට උත්සාහක ගෝල දිනුම් 06ක්, ප්රවර්තන 04 ක් සහ දඩුවම් පහර 02ක් ඇතුලත්. ඒ වන විට පොලිස් රග්බි කණ්ඩායම ලබා සිටියේ ලකුණු 24ක් පමණයි. මේ අතර මහනුවර නිත්තවෙල ක්රිඩාංගනයේ පැවති අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියරේ තවත් තරගයකින් ජය වාර්තා කිරිමට මහනුවර ක්රිඩා සමාජ කණ්ඩායම සමත් වුණා. ඒ සීඑච් ඇන්ඩ් එෆ්සි රග්බි කණ්ඩායම ලකුණු 45ට15ක් ලෙස පරාජයට පත් කරමින්.

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ජය නාවික හමුදා කණ්ඩායමට
කියවීමට මිනිත්තු 1