වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළග අවසන් තරගය අද පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතරයි. තරගය මෙරට වේලාවෙන් පස්වරු එකයි තිහට දකුණු අප්‍රිකාවේ බෙනෝනිහිදි ආරම්භ වීමට නියමිතයි. මේ අතර මෙවර තරගාවලියේ පස්වන ස්ථානය තේරිමේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනිමට ඕස්ට්‍රේලියාව ඊයේ සමත් වුනා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 04කින් පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 191ක් රැස් කළා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ඕස්ට්‍රේලියාව කඩලු 06ක් දැවි ජයග්රාහි ඉලක්කය පසු කළේ ඉනිම නිමාවිමට එක් පන්දුවක් ඉතිරිව තිබියදීයි.