fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අතහැර දමා තිබූ පතලකට වැටී තුන් දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2020 11:34

අතහැර දමා තිබූ පතලකට වැටී තුන් දෙනෙකු ජීවිතක්ෂයට

අතහැර දමා තිබූ පතලකට වැටී තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අවිස්සාවේල්ල සීතාවක  නුගේවත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි යේදීයි මෙම අනතුර සිදුවුණේ.

නුගේවත්ත ප්‍රදේශයේ නිවසක් අසළ අතහැර දමා තිබූ මෙම පතල්වලට කුකුළු පැටවුන් දෙදෙනෙකු වැටී තිබෙනවා. එම නිවසේ තරුණයා කුකුළු පැටවුන් ගැනීමටවලට බැසීමේ දී සිහිසුන්වූ බවයි වාර්තා වුණේ. ඔහු ගොඩ ගැනීමට වලට බැස ඇති  තවත් දෙදෙනෙකු ද අත්වුණේ එම ඉරණමමයි. මෙසේ මිය ගියේ 25 හැවිරිදි සහ 17 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු සහ 27 හැවිරිදි එක් දරු පියෙක්. පතල්වලේදී විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් මෙම මරණ සිදුවන්නට ඇති බවයි අවිස්සාවේල්ල පොලිසිය පවසන්නේ. අවිස්සාවේල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2020 11:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්