fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොංකොං නෙට්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් සහභාගී නොකිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශය තීරණය කරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2020 17:07

හොංකොං නෙට්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් සහභාගී නොකිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශය තීරණය කරයි

චීනය ඇතුලු රටවල් කිහිපයක ව්‍යාප්තව ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙම කාල සීමාවේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි සදහා ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවන් සහභාගි නොකිරිමට ක්‍රිඩා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මෙම මාසයේදී හොංකොංහි පැවැත්විමට නියමිත නෙට්බෝල් තරගාවලියට සහභාගි නොවිමට තීරණය කළ බව ක්‍රිඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතා පවසනවා. ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය සමග සිදු කළ සාකච්ඡාවකින් පසුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. බංග්ලාදේශයේ පැවැත්විමට නියමිත දුනු විදිමේ තරගාවලියටද සහභාගිවීම නොවිමටයි ශ්‍රී ලංකා දුනු විදිමේ සංගමය තීරණය කර ඇත්තේ. බර ඉසිලිමේ තරුණ තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවන් සහභාගි කරවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2020 17:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්