කටුපොල් වගාව හේතුවෙන් දිනකට ජලය ලීටර 600 ක් පමණ විනාශ වන බවට සොයාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා. අදට යෙදී ඇති ලෝක තෙත් බිම් දිනයට සමගාමීව පැවති වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
ස්වාභාවිකව වැවුණු කටුපොල් වගාව ඉවත් කිරීම අද ආරම්භ කෙරුණේ කටුපොල් යක්ෂයාගෙන් ලංකාව බේරා ගනිමු යන තේමාවෙන්. කලුතර, දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලපිටියාගොඩ ප්රදේශයෙනුයි මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ. දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර අමාත්‍යාංශය එක්ව මෙය සිදුකරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/J9kVUJ87J_8″]