fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

FA කුසලාන පාපන්දු අවසන් මහා තරඟයට සෝන්ඩර්ස් කණ්ඩායම සුදුසුකම් ලබයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2020 15:42

FA කුසලාන පාපන්දු අවසන් මහා තරඟයට සෝන්ඩර්ස් කණ්ඩායම සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධාන කරන එෆ්ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගයේ පළමු තරගයෙන් ජය වාර්තා කිරිමට සෝන්ඩර්ස් පාපන්දු කණ්ඩායම සමත් වුණා. ඒ ගෝල 05ට එකක් ලෙස බ්ලු ඊගල් කණ්ඩායම පරාජයට පත් කරමින්.

කොළඹ තුරග තරග පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට සෝන්ඩරස් පාපන්දු කණ්ඩායම ගෝල 02ක් ලබා සිටියා. එම අර්ධයේදී බ්ලු ඊගල් කණ්ඩායම ලබා සිටියේ එක් ගෝලයක් පමණයි. තරගයේ දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණවරක් ගත්තා. එම අර්ධයේදී ආක්‍රමණශිලි තරග රටාවක නිරත වූ සෝන්ඩර්ස් ක්‍රිඩකයින් ගෝල 05ක් ලබා ගනිමින් පෙරමුණ ගැනිමට සමත් වුණා. එම අර්ධයේදී කිසිදු ගෝලයක් වාර්තා කිරිමට බ්ලු ඊගල් කන්ඩායම සමත් වුයේ නැහැ. ඒ අනුව එෆ්ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය සදහා සෝන්ඩර්ස් පාපන්දු කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2020 15:42

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්