fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වුහාන්වල සිටි සිසුන් සියරටට ගෙන්වා ගත් සිව්වන රාජ්‍යය බවට ශ‍්‍රී ලංකාව පත්වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2020 17:14

වුහාන්වල සිටි සිසුන් සියරටට ගෙන්වා ගත් සිව්වන රාජ්‍යය බවට ශ‍්‍රී ලංකාව පත්වෙයි

චීනයේ වූහාන් නගරයේ සිටි සිසුන් සිය රටට රැගෙන ගිය සිව්වන රාජ්‍යය බවට ශ‍්‍රී ලංකාව පත්ව තිබෙනවා.

ශ‍්‍රි ලංකාව සහ චීනය අතර පවතින ඉහල මට්ටමේ රාජ්‍යතාන්ත‍්‍රික සබදතා හේතුවෙන් මෙසේ ශ‍්‍රි ලාංකික සිසුන් කඩිනමින් රැගෙන ඒමට හැකිවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ජනාධිපති කාර්යාලය, විදේශ සබදතා අමාත්‍යාංශය, බෙයිජිං හි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය , කොළඹ චීන තානාපති කාර්යාලය , සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙන්ම ශ‍්‍රී ලංකා යුද හමුදාව සහ ගුවන් හමුදාවේ සාමුහික උත්සාහයේ ප‍්‍රතිඑලයක් ලෙස ශ‍්‍රී ලාංකික සිසුන් ආරක්ෂිතව රැගෙන ඒමට හැකිවු බවද ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කලා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2020 17:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්