ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනිමට ඕස්ට්‍රියාවේ ඩොමිනික් තීම් සමත් වුණා. ඒ ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වේව් පරාජයට පත් කරමින්.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පැවති තරගයේ පළමු වටය ලකුණු 06ට 03ක් ලෙස ඇලෙක්සැන්ඩර් ස්වේව් ජය ගත්තා. උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ දෙවන වටය ලකුණු 06ට 04ක් ලෙස ජය ගත්තේ ඩොමිනික් තීම්ය.
තුන්වන වටය ද ප්‍රබල සටනකින් පසු ලකුණු 07ට 06ක් ලෙස ජය ගත් ඩොමිනික් තීම් සිව්වන වටයද ලකුණු 07ට 06ක් ලෙස ජය ගැනිමට සමත් වුණා.
ඒ අනුව තරගය වට තුනට එකක් ලෙස ජය ගත් ඩොමිනික් තීම් අවසන් මහා තරගයේදී සබියාවේ නොවැක් ජොකොවිච් සමගින් තරග වැදිමට නියමිතයි.