නීතිවරෝධීව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මන්නාරම මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී. ධීවර යාත්‍රා 4 ක් , තහනම් දැල් අටක් සහ අනෙකුත් ධීවර ආම්පන්න තොගයක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් මන්නාරම සහ වංකාලේ ප්‍රදේශයේ පදිංචි කරුවන්. ඔවුන් මන්නාරම සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලය වෙත භාරදුන් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ.