සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරග දෙකකන් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග එකට බින්දුවක් ලෙස ජය ගැනිමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමගයි.
හරාරේහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කන්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 406ක් රැස් කළා. නායක ෂෝන් විලියම්සන් ලකුණු 107යි. පළමු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවි රැස් කර ගත හැකි වුයේ ලකුණු 293ක් පමණයි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 67ක් ලබා ගත්තා.
දෙවන ඉනිම ක්‍රිඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 07ක් දැවි ලකුණු 247ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
තරගය ජයග්‍රහණය සදහා ලකුණු 361ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට සිය දෙවන ඉනිම සදහා කඩුලු 03ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 204ක්.