ඊජිප්තුවේ දකුණු දිග ප්‍රදේශයේ නගරයකින් වසර 2500ක් පැරණි පූජකවරුන්ගේ සොහොන් ගෙවල් සොයා ගැනේ
Related Articles
ඊජිප්තුවේ දකුණු දිග ප්‍රදේශයේ නගරයකින් වසර 2500ක් පැරණි පූජකවරුන්ගේ සොහොන් ගෙවල් සොයාගෙන තිබෙනවා.
අල්ගෝරිෆා පුරාවිද්‍යා භූමියේ පිහිටි සොහොන් ගෙවල් වලින් විස්සකට ආසන්න මමි සොයාගෙන තිබෙනවා. පැරණි මැටිබදුන් කිහිපයක් ද කැනීම්වලදී හමුවී තිබෙනවා. මෙම පුරාවිද්‍යාත්මක ස්ථාන හේතුවෙන් තම රටේ සංචාරක ආකර්ෂණය ඉහළ යනු ඇති බවයි ඊජිප්තු පුරා විද්‍යා නිලධාරීන් ප්‍රකාශ කරන්නේ.
පසුගිය වසරේ ඊජිප්තු පුරා විද්‍යාඥයින් ටොලමික් යුගයට අයත් මමියන් 50කින් යුත් සොහොන් ගෙයක් ද සොයා ගත්තා.