හෙරොයින් කිලෝග්රෑම් 192 ක් සමග ඊයේ (30) අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා දින 7 ක් රදවාගෙන ප්රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා.
හෙරොයින් කිලෝග්රෑම් 192 ක්, ගිනි අවි 10 ක් සහ මැගසින් 10 ක් සමගයි සැකකරුවන් තුන්දෙනා ඊයේ (30) අත්අඩංගුවට ගැනුනේ. මෙසේ අත්අඩංගුවට ගැනුණේ හොරණ ප්රදේශයේ පදිංචි සහෝදරයන් දෙදෙනෙකු සහ එක් සහෝදරයෙකුගේ පෙම්වතිය බව කියන කාන්තාවකුයි.
සැකකරුවන් පානදුර වැඩ බලන මහේස්ත්රාත් රමණි ද සේරම් මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔවුන් රදවාගෙන ප්රශ්න කිරීමට අවසර ලැබුණේ.