fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය සමයේ පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සලසන්න මෙහෙයුම් කාර්යාලයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2020 11:44

පසුගිය සමයේ පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සලසන්න මෙහෙයුම් කාර්යාලයක්

පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීම සදහා මෙහෙයුම් කාර්යාලයක් විවෘත කෙරුණා.

පරිපාලනමය වශයෙන් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ, රාජ්‍ය ආයතනවල සේවක කාණ්ඩයන් විසින් ඉදිරිපත් කරනු ලබන අභියාචනා සලකා බලා ඒ සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීම සදහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ කමිටුවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාලය විවෘත කළා.

කොළඹ දෙක, පාර්ක් වීදිය,  පාර්ක්ලන්ඩ් ගොඩනැගිල්ලේ 19 වන මහලේ මෙම කාර්යාලය විවෘත කර තිබෙනවා. කමිටුවේ සාමාජික, සාමාජිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2020 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්