fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2020 10:53

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පලිහ ශුරතාව සදහා වන අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනිමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා. ඒ ස්කොට්ලන්ත යොවුන් කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 97කින් පරාජයට පත් කරමින්.

දකුණු අප්‍රිකාවේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 06ක් දැවි ලකුණු 277ක් රැස් කළා. නායක නිපුන් ධනංජය ලකුණු 66යි. අහාන් වික්‍රමසිංහ ලකුණු 59ක් ලබා ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ස්කොට්ලන්ත ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වූණා. ඒ හේතුවෙන් තරගය නතර කරන විට ඔවුන් පන්දුවාර 40ක් අවසානයේ කඩුලු 08ක් දැවි ලකුණු 149ක් ලබා සිටියා.

පන්දු යැවිමේදී චමිදු විජේසිංහ කඩුලු 03ක් බිද හෙලුවා. පලිහ ශුරතාව යටතේ දෙවන අවසන් පූර්ව තරගය එංගලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර අද පැවැත්විමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2020 10:53

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්