fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත් ඇතුලු 20 ක් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය මගහරී – නායකත්වයේ වෙනසක් නැහැ

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2020 18:59

සජිත් ඇතුලු 20 ක් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය මගහරී – නායකත්වයේ වෙනසක් නැහැ

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වුණ ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු 20 දෙනෙකු ඊට එක්ව සිටියේ නැහැ. නව සන්ධානයේ නායකත්වය මෙන්ම අගමැති අපේක්ෂකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එහිදී තීරණය කෙරුණා. එහෙත් පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු වූයේ නැහැ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණේ. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. 57 දෙනෙකුගෙන් යුත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 37 දෙනෙක් අද රැස්වීමට එක්ව සිටියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 20 දෙනෙකු ඊට එක්ව සිටියේ නැහැ. පක්ෂ නායකත්වය වෙනස් විය යුතු බවට දරුණු ගැටුමක් පවතින තත්ත්වයක් තුලයි අද කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමෙන් වැඩි බහුතරය නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට භාර දිය යුතු බවට තීරණය කළ බවට ද පසුගිය මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමකින් අනතුරුව අදහස් පළවුණා. එහෙත් අද පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීත් නායකත්වයේ  කිසිදු වෙනසක් සිදුවු‍යේ නැහැ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2020 18:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්