විපක්ෂනායකවරයාගේ පදනම් විරහිත ප්‍රකාශය ගැන ඇමති බන්දුලගෙන් පැහැදිළි කිරීමක්
Related Articles
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා සිදුකර ඇති පදනම් විරහිත ප්‍රකාශය පිළිබඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කරුණු පැහැදිලි කළා. ඒ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.
දෙසැම්බර් මාසයේදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් වැඩි වී ඇති අතර ලංකා ඩීසල් මිල ද රුපියල් 12කින් වැඩි වුණා. සුපර් ඩීසල් මිල ද එම මාසයේදී රුපියල් 5 කින් වැඩි වූ බවයි බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ. ජනවාරි මාසයේදී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල යම් ප්‍රමාණයකින් අඩු වුව ද මේ වන විට බොරතෙල් බැරලයක වටිනාකම ඇමෙරිකා ඩොලර් 62 ඉක්මවනවා. විපක්ෂනායකවරයා පවසන පරිදි බොරතෙල් බැරලයක මිල ඩොලර් 57 යි දශම 9 ක් නොවන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.