IDH රෝහලේ දසදෙනාට කොරෝනා වැළඳී නැහැ – සෞඛ්‍ය අංශ තහවුරු කරයි
Related Articles
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන 10 දෙනෙකුගේ සාම්පල පරික්ෂාවේදී ඔවුන් කොරෝනා ආසාදිතයින් නොවන බවට තහවුරු වී තිබෙනවා. කොරෝනා ඇති බවට මේ වන තෙක් තහවුරු වී ඇත්තේ චීන කාන්තාව පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
අංගොඩ ජාතික ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැනට සැක සහිත රෝගීන් 18 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. මේ වන විට ඔවුන්ගෙන් 11 දෙනෙකුගේ සාම්පල පරික්ෂාවට ලක් කර ඇති අතර ආසාදිත චීන කාන්තාව හැර සෙසු දසදෙනා කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරු වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ.
කොරෝනා වෛරසය ආසාදනය වූවන් හඳුනාගැනීම වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපලේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායම් වශයෙන් පසුගිය දින කිහිපයේම මෙරටට පැමිණියා. චීනයේ බීජිං නුවර පිහිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 50 කට වැඩි පිරිසක් අද අලුයම දිවයිනට පැමිණියා.
වූහාන් ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලව වෙත සංදේශයක් අද භාර දුන්නා. තම දරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යනවැඩපිලිවෙලට සහාය දෙන ලෙස දෙමව්පියන් ඉල්ලා සිටිනවා.
මේ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුවන පරික්ෂණ කටයුතු සඳහා අවශ්‍ය ඕනෑම සහායක් ලබදීමට සූදානම් බව මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනය පවසනවා.
කොරෝනා වෛරසය පිළිබඳ සංචාරක ක්ෂේත්රයේ නියුතුවන් දැනුවත් කිරීමේ හමුවක් පානදුර ප්‍රදේශයේදී පැවැත්වුණා. කළුතර වාද්දුව , පානදුර ප්‍ර දේශවල සංචාරක හෝටල් හිමිකරුවන් ඇතුළු එම ක්ෂේත්රයේ නිරත වූවන් සහභාගී වී සිටියා.