උණ රෝගයක් පැතිර යාමේ අවදානමක් හේතුවෙන් හැටන් පතන ශ්‍රී පාද විද්‍යාපීඨය තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.
ලබන පස්වනදා තෙක් විද්‍යාපීඨය වසා දමන ලෙසයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලය පීඨාධිපතිවරයාට උපදෙස් ලබා දී තිබෙන්නේ.
පතන ශ්‍රී පාද විද්‍යා පීඨයේ ගුරුවරුන් සහ සිසු සිසුවියන් 200 කට ආසන්න පිරිසක් උණ රෝගය සහ ශ්වසන අපහසුතා ඇති වීම හේතුවෙන් කොටගල ප්‍රාදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා. අද දිනයේද 50 කට ආසන්න පිරිසක් රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගත් බවයි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී සාවිත්‍රී ෂර්මා මහතා ප්‍රකාශ කළේ. තවත් සිසුන් පිරිසක් දික් ඔය මූලික රෝහල වෙත යොමු කළ බවද වෛද්‍යවරිය ප්‍රකාශ කළා. උණ රෝගය පැතිර යාම පිළිබඳ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විද්‍යා පීඨය තුළ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.