fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කජු වගාකරුවන්ට සහන ලබාදෙමින් කජු වගාව ව්‍යාප්ත කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2020 11:03

කජු වගාකරුවන්ට සහන ලබාදෙමින් කජු වගාව ව්‍යාප්ත කිරීමට පියවර

කජු වගාකරුවන්ට සහන ලබාදෙමින් කජු වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. කජු කර්මාන්තයේ නිරත වූවන් හමු වූ අවස්ථාවේයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

ගම්පහ මාකේවිට නැදගමුව කළුවැල්ගොඩ ආදී ප්‍රදේශවල විශාල පිරිසක් පාරම්පරිකව කජු කර්මාන්තය ජීවනෝපාය කරගෙන සිටිනවා. කජු සංස්ථාව මඟින් මෙම ප්‍රදේශයේ කජු පිරිසැකසුම් මධ්‍යස්ථානයක්ද ආරම්භ කර ඇති අතර ඊට අක්කර දෙකක වගා භූමියක්ද ඇතුළත්. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මිලදී ගන්නා ලෙලි සහිත කජු මෙහිදී ඇසුරුම් කොට දේශීය වෙළදපොළට නිකුත් කිරීම සිදුවනවා. එම මධ්‍යස්ථානය නිරීක්ෂණයට එක් වූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ මෙම ප්‍රදේශයේ කජු කර්මානතය ආශ්‍රිතව රැකියා අවස්ථා හාරදහසක් පමණ ඇති බව සිදුකළ සමීක්ෂණවලදී හෙළි වූ බවයි. දේශීය කජු වගාකරුවා ආරක්ෂා කිරීම වෙනුවෙන් කජු ආනයනයද සීමා කිරීමට රජය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. කජු සංස්ථාවේ සභාපතිනි සාරංගි රත්නායක මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2020 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්