fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 3-1ක් ලෙස එංගලන්තයට ජය

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2020 09:44

දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 3-1ක් ලෙස එංගලන්තයට ජය

දකුණු අප්‍රිකාව සමඟ පැවති තරග හතරකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග තුනට එකක් ලෙස ජය ගැනිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුනා.

ඒ දෙරට අතර පැවති හතරවන හා අවසන් ටෙස්ට් තරගයෙන් එංගලන්තය ලකුණු 191ක ජයක් වාර්තා කිරිමත් සමගයි.

ජොහැනස්බර්ග්හීදී පැවති තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 400ක් රැස් කළා. පළමු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකාවට සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුනු 183ක් පමණයි. ක්වෙන්ටන් ඩීකොක් ලකුණු 76ක් ලබා ගත්තා. එංගලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 248ක් රැස් කළා. නායක ජෝ රූට් ලකුණු 58යි.

ඒ අනුව ජයග්‍රහණය සදහා ලකුණු 466ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට සියලු දෙනා දැවි දෙවන ඉනිමට ලබා ගත හැකි වුයේ ලකුණු 247ක් පමණයි. පන්දු යැවිමේදී මාර්ක් වුඩ් කඩුලු 04ක් බිද හෙලුවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2020 09:44

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්