නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලන ප්රදේශයකදී ඇෆ්ගන් රජයට අයත් මගී ගුවන් යානයක් කඩා වැටී ඇති බවට මින් පෙර වාර්තා පළ වුවද එරට රජය එම වාර්තා ප්රතික්ෂේප කර තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ අරියානා ගුවන් සේවාවේ සියලු ගුවන් යානා ආරක්ෂිතව පවතින බවයි එම ආයතනය සඳහන් කළේ. කෙසේ වෙතත් කඳු සහිත මෙම ප්රදේශයේ ගුවන් අනතුර සිදු වූ ස්ථානය පැහැදිලි ලෙස හඳුනා ගැනීම දුෂ්කර වී තිබෙනවා.