විල්පත්තු රක්ෂිතය හා අවට කැළෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කළ රීට් පෙත්සම ලබන 12 වනදා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළා.
පෙත්සමට අදාළ වගඋත්තරකරුවන් වෙනස් වී ඇත්නම් සංශෝධිත පෙත්සමක් ගොනු කරන ලෙසට ද නියෝග කෙරුණා. හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් ඇතුලු 9 දෙනෙකු මෙහි වග උත්තරකරුවන් ලෙස නම්කර සිටිනවා.