fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2020 13:16

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද හරාරේහිදී ආරම්භවීමට නියමිතයි.

ඒ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 01.30ට. සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 10කින් ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එම තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් ද්විත්ව ශතකයක් වාර්තා කළා. එහිදි සුරංග ලක්මාල් , ලසිත් ඇඹුල්දෙණිය සහ ළහිරුකුමාරගේ විශිෂ්ඨ පන්දු යැවිම කැපි පෙනුනා. තරගාවලියේ ජය හිමි කර ගැනිම සදහා අද ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා වට ඉතා වැදගත් වන අතර මෙතෙක් ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් පරාජයක් ලබා නැහැ. අද තරගයේදී හරේරා තණතිල්ල පන්දු යවන්නන්ට යෝග්‍ය ලෙස සකසා තිබෙනවා.  කායික ආබාධයට ලක් වූ දිනේෂ් චන්දිමාල් මේ වන විට සුවය ලබා  ඇති අතර ඔහු අද තරගයට ක්‍රිඩා කිරිමට නියමිත බවයි එරටින්  ලැබෙන වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2020 13:16

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්