රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය වාර්තාව නිකුත් කිරිමේ online app එක අද සිට ක්‍රියාත්මකයි
Related Articles
අන්තර්ජාලය ඔස්සේ රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය වාර්තාව නිකුත් කිරිමේ දී භාවිතා වන වර්තමාන ක්‍රමවේදය තුළ මහජනතාව දැඩි පීඩාවට පත්වීම හේතුවෙන් එම අපහසුතාවය මඟ හරවා ගැනිම සඳහා හඳුන්වාදුන් online app එක අද (27) සිට ක්‍රියාත්මක බව මඟි ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා පැවසිය.
මෙහි දී වෛද්‍ය පරික්ෂණයන් සඳහා දින හා වේලාවන් වෙන් කර ගැනිමට හැකි බවත්,මෙසේ වෙන් කරනු ලබන වේලාවන් sms පණිවිඩයක් මඟින් අයඳුම්කරු වෙත දන්වනු ලබන අතර කාර්යාලීය පිටපතක් විමසිම් කවුලුව වෙත දෙනු ලැබේ. ඒ අනුව පුර්වයෙන් කාලය වෙන් කරගෙන පැමිණෙන සේවාලාභීන් ඒ අනුව සකස් කර ඇති ප්‍රමුඛතා කවුළුවට යොමු කරනු ලබන අතර එම ක්වුළුව සාමාන්‍ය ක්‍රමවේදය මත පැමිණෙන මහජනතාව වෙනුවෙන් භාවිත කරනු නොලැබේ.
එසේම දෙවන වර වෛද්‍ය වාර්තාව ලබා ගැනිමේ දි රුධිර ගණය,උස හා බර පරික්ෂා නොකිරිමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය තීරණය කර තිබෙන අතර ඊට හේතුව ලෙස ප්‍රමාදයෙන් තොරව එම සේවාව වඩාත් කාර්යක්ෂමව ඉටු කර ගැනිමයි.
මෙම ක්‍රමය (22) දින සිට නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබූ අතර අද දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඇමති මහින්ද අමරවිර මහතා ප්‍රකාශ කළේය.
එසේම මෙම වැඩසටහන පළමුව නුගේගොඩ ප්‍රධාන කාර්යාලයේ පමණක් ක්‍රියාත්මක වන අතර ඉදිරියේ දි ශාඛා කාර්යාලවලද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම පර්යේෂණ රජයේ රෝහල් වලින් සිදු කර ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මේ සඳහා National transport medical Institute වෙබ් අඩවියට පිවිසෙන වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබේ.