ශ්රී පාද රක්ෂිතයට අයත් කොටසක අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
බගවන්තලාව පෙට්රයෝ වතු යායේ ෆීඩ්ලන්ඩ් කොටසට ඉහළින් වූ ප්රදේශයකයි මෙම පිරිස අනවසරයෙන් මැණික් ගරමින් සිට ඇත්තේ. ඒ සඳහා යොදා ගත් උපකරණ තොගයක් ද පොලිසිය අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් බගවන්තලාව ප්රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය ප්රකාශ කළේ. මේ සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.