කොරෝනා වෛරස් අවදානමට මුහුණ දීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත්කර තිබෙනවා.
කොරෝනා බවට සැක සහිත 5 දෙනෙකු බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර සිටියද ඒ කිසිවෙකුටත් ස්ථිර වශයෙන්ම රෝගය වැළදි ඇත්ද යන්න පිළිබඳ තීරණය කළ හැකි වන්නේ අද දිනයේ ලැබෙන සායනික පරික්ෂණවලින් බව ජාතික වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
කෙසේ වෙතත් වෛරසය ආසාදය වීමේ අවදානම වැළැක්වීම සඳහා මුඛ ආවරණ පැළැදීම යහපත් බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. මේ අතර චීනයේ අවදානම් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකික සිසුන් වහාම ගෙන්වා ගැනීමට ජනාධිපතිතුමා ආදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.