71 වන ඉන්දියා ජනරජ දිනය අදට යෙදී තිබෙනවා.
මෙවර ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුයේ බ්‍රසීල ජනාධිපති ජේර් බොල්සොනාරෝයි. ඒ වෙනුවෙන් නව දිල්ලි නුවර ඓතිහාසික රතු බලකොටුව ආශ්රිත පරිශ්‍රයේ ආචාර පෙළපාලියක් ද පැවැත්වුණා. ඒ ඉන්දීය යුද ශක්තිය පෙන්වීම සඳහායි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතික ධජය එසවීමෙන් අනතුරුවයි උත්සවය ආරම්භ වුයේ. යුධ ශක්තිය පිළිබිඹු කිරීම සඳහා විනාඩි 90ක කාලයක් වෙන් කර තිබුණා. මීට අමතරව සංස්කෘතික , කලා, සමාජ, ආර්ථික අංග රැසකින් ජනරජ දින උත්සවය අලංකාරවත් වී තිබුණා.