fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රියදුරු බලපත්‍ර සඳහා වන වෛද්‍ය පරීක්ෂණයට දින සහ වේලාවන් ඔන්ලයින් ක්‍රමයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2020 13:57

රියදුරු බලපත්‍ර සඳහා වන වෛද්‍ය පරීක්ෂණයට දින සහ වේලාවන් ඔන්ලයින් ක්‍රමයට

රියදුරු බලපත්‍ර සඳහා වන වෛද්‍ය පරික්ෂණයට දින සහ වේලාවන් ඔන්ලයින් ක්‍රමයක් යටතේ හෙට සිට වෙන් කර ගැනීමට හැකිවනවා.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මෙම අන්තර්ජාල යෙදවුම හෙට සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. එහි පර්යේෂණ මෙහෙයුම් පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදී රාජ්‍ය ආයතනවලින් ලබා දෙන සේවාවන් කාර්යක්ෂම කිරීමේ වැඩසටහන යටතේ මෙම සේවාවන් ක්‍රියාත්මකයි. ජංගම දුරකතන සඳහා යොදාගන්නා අන්තර්ජාල යෙදවුමෙන් මෙන්ම, www.ntmi.lk වෙබ් අඩවියෙන්ද දින සහ වේලාවන් වෙන් කර ගැනීමට හැකිවනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2020 13:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්