සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා ද පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ කණ්ඩායම යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව අපේක්ෂා කරන බව හරාරේ නුවරින් වාර්තා වනවා. පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක ජයක් වාර්තා කළ අතර එහිදි ඇන්ජලෝ මැතිව්ස් ද්විත්ව ශතකයත්, සුරංග ලක්මාල්, ළහිරු කුමාර සහ ලසිත් ඇඹුල්දෙණියගේ විශිෂ්ඨ පන්දු යැවිම කැපි පෙනෙනවා. දෙවන ටෙස්ට් තරඟය ද පළමු ටෙස්ට් තරඟය පැවති හරාරේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අතර එහිදි වෙනත් තණතිල්ලක් යොදා ගනු ඇති. කායික ආබාධයට ලක් වූ දිනේෂ් චන්දිමාල් සුව තත්ත්වයට පැමිණ ඇති අතර සියලුම ක්‍රීඩකයින් අද සන්ධ්‍යාවේ පුහුණු කටයුතුවලට එක්වනු ඇති බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් මහතා ප්‍රකාශ කළේ.