උතුරු පළාතේ උඳු අස්වනු නෙලීම ආරම්භ වීමත් සමඟ ගොවි ජනතාවගේ ආදායම ද ඉහළ ගොස් තිබෙනවා.
උතුරු පළාතේ උඳු අස්වනු නෙලීමත් සමඟ උඳු සඳහා වෙළෙඳපොලි මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ගොවි ජනතාවගේ ආදායම ද ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. වව්නියාව දිස්ත්රික්කයේ අක්කර අටදහසක පමණ මෙවර උඳු වගා කර තිබෙනවා. වැඩිම ප්රමාණයක් උඳු වගා කර ඇත්තේ වව්නියාව සෙට්ටිකුලම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේයි. පසුගිය කාලය තුළ නිසි පරිදී වැස්ස නොලැබීම හේතුවෙන් උඳු ගොවීන් දුෂ්කරතාවන්ට පත්ව සිටියා.