දුම්රියක් පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා.
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්රවාහන දුම්රියක් නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන දෙක අතර 130 සැතපුම් කණුව අසලදි අද (26) උදැසන 10.15 ට පමණ දුම්රියේ භාණ්ඩ ප්රවාහන බොගියක් (පෙට්ටියක් ) පිලි පැන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පීලි පැන ඇති භාණ්ඩ ප්රවාහන දුම්රියේ බොගිය පීලි ගත කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.