fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුර්කියේ නැගෙනහිර ප්‍රදේශයේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 29 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2020 09:48

තුර්කියේ නැගෙනහිර ප්‍රදේශයේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 29 දක්වා ඉහළට

තුර්කියේ නැගෙනහිර ප්‍රදේශයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රිච්ටර් පරිමාණ ඒකක 6.8ක ප්‍රබලත්වයකිනුයි මෙම භූ කම්පනය හටගැනුනේ. පුද්ගලයින් 1400 වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. තවත් තිස් දෙනෙකු අතුරුදන්ව ඇති  බව සඳහන්. සුන්බුන් අතර පුද්ගලයින් විසි දෙදෙනෙකු සිරවී සිටින බවයි සහන සේවකයින් සඳහන් කරන්නේ.  ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. ගොඩනැගිලි 10 ක්  භූ කම්පනය හේතුවෙන් කඩා වැටී ඇති බව සඳහන්.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2020 09:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්