fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිඩ්නි තන්ඩර් සමඟ තරගය හෝබාර්ට් හරිකෙන්ස් ජය ගනී

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2020 09:40

සිඩ්නි තන්ඩර් සමඟ තරගය හෝබාර්ට් හරිකෙන්ස් ජය ගනී

ඕස්ට්‍රේලියා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 57කින් ජය ගැනිමට හෝබාර්ට් හරිකෙන්ස් කණ්ඩායම සමත් වුණා.

හෝබාර්ට්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනු හරිකෙන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06ක් දැවි ලකුනු 185ක් රැස් කළා. මැතිව් වෙඩ් ලකුණු 56ක් ලබා ගත්තා. පන්දු යැවිමේදී අර්ජුන් නයිර් ලකුණු 19කට කඩුලු 02ක් බිඳ හෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ සිඩ්නි තන්ඩර් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 128ක් පමණයි. ඇලෙක්ස් හේල්ස් ලකුණු 63යි. පන්දු යැවිමෙදී ඩාර්සි ෂොට් ලකුණු 21කට කඩුලු 05ක් බිඳ හෙලුවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2020 09:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්