fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ වුහාන් නරගයේ සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් වහාම ගෙන්වීමට ජනපති උපදෙසින් පියවර

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2020 08:56

චීනයේ වුහාන් නරගයේ සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් වහාම ගෙන්වීමට ජනපති උපදෙසින් පියවර

චීනයේ වුහාන් නරගයේ සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් වහාම ආපසු ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය විධි විධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විදේශ සබඳතා අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නා.

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ හුබෙයි ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික දූත කාර්යාලය ද ඒ සඳහා සහාය කර ගන්නා ලෙසයි ජනාධිපතිතුමා දැනුම් දී තිබෙන්නේ. ඔවුන් වෙනුවෙන් සියලු වියදම් ශ්‍රී ලංකා රජය දරන බවද විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළා. කොරෝනා වෛරසය සීඝ්‍ර යෙන් ව්‍යාප්ත වී යාම හේතුවෙන් වුහාන් නගරයට පිවිසීම සහ පිටවීම තහනම් කර තිබෙනවා. ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු තිස් දෙනෙකු මේ වන විට එහි රැදී සිටින බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ. පිවිසීමට සහ පිටවීමට පනවා ඇති තහනම ඉවත්කළ වහාම ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2020 08:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්