අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සතොස මූලස්ථානය වෙත හදිසියේ පැමිණියා. ඒ පූර්ව දැනුම් දිමකින් තොරවයි.
සතොස මූලස්ථානයේ ප්‍රවාහන අංශය වෙත ගිය අමාත්‍යවරයා එහි සටහන් පොත් පරික්ෂාවට ලක්කලා. යාවත්කාලීන නොකළ සටහන් අද දිනය දක්වාම නිසි පරිදී සකස් කරන ලෙසයි අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේ.
ගබඩා සංකීර්ණයේ අර්ධ වශයෙන් ඉදිකළ ගොඩනැගිලි පැවතීම සම්බන්ධයෙන් ද වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දැනුම් දුන්නා. ගොඩනැගිල්ලට යාබදව ගාල් කර ඇති රජයේ වාහන කඩිනමින් අමාත්‍යාංශවල භාවිතය සදහා ලබා දෙන ලෙසට ද මෙහිදී උපදෙස් ලබා දිමටයි අමාත්‍යවරයා කටයුතු කළේ.