ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අලුතෙන් ආරම්භකළ අභ්‍යවකාශ හමුදාව වෙනුවෙන් නව ලාංජනයක් එළිදක්වනු ලැබුවා.
ඇමෙරිකා ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් ඔස්සේ මෙය ප්‍රකාශයට පත්කළා. ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම අභ්‍යවකාශ හමුදාව නිර්මාණය කළේ ගොඩබිමේ මෙන්ම අභ්‍යවකාශයේත් ඇමෙරිකා හමුදාවේ ආදිපත්‍ය පවත්වාගැනීමේ උත්සාහයක් ලෙසයි.
ඒ සදහා වන අභ්‍යවකාශ ප්‍රතිපත්ති සදහා පසුගිය පෙබරවාරි මාසයේ දී අත්සන් තැබුණා. නව ලාංඡනය එළිදක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් සහ නිර්මාණකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම නව ලාංඡනය එළිදැක්වීමට හැකි වීම ගැන තමන් සතුටුවන බවයි.