fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෙරීනා විලියම්ස්ට අනපේක්ෂිත පරාජයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2020 14:54

සෙරීනා විලියම්ස්ට අනපේක්ෂිත පරාජයක්

හත්වරක් ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා ශුරතාව දිනා ගත් ඇමෙරිකාවේ සෙරීනා විලියම්ස්ට මෙවර තරගාවලියෙන් අනපේක්ෂිත ලෙස ඉවත්විමට සිදු වුණා.

ඒ චිනයේ වැන්ග් ක්වාං හමුවේ ලද පරාජයත් සමගයි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවති තරගයේ පළමු  වටය ලකුණු 6ට 04ක් ලෙස ජය ගැනිමට වැන්ග් ක්වාං සමත් වුනා. දෙවන වටය ලකුණු 07ට 06ක් ලෙස ජය ගත්තේ සෙරිනා විලියම්ස්ය. තීරණාත්මක තුන්වන සහ අවසන් තරගය ලකුණු 07ට 05ක් ලෙස ජය ගත් වැන්ග් ක්වාං තරගය වට 02කට එකක් ලෙස ජය ගත්තා.

වැන්ග් ක්වාං ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරිමේ සටහනේ 29වන ස්ථානයේ පසුවන අතර ඇය හමුවේ පරාජයට පත් වූ සෙරිනා විලියම්ස් එම ශ්‍රේණිගත කිරිමේ සටහනේ පසුවන්නේ 09වන ස්ථානයේයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2020 14:54

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්