ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් නවතම ටෙස්ට් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරිම්වලට අනුව එහි පිතිකරණ සටහනේ පළමු විසි දෙනා අතරට පැමිණ තිබෙනවා.
සිම්බාබ්වේ කන්ඩායාමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය්දී ඇන්ජලෝ මැතිව්ස් නොදැවි ද්විත්ව ශතකයක් ලබා ගැනිමත්සමග මෙසේ ඉහළට පැමිණියා. ඒ අනුව මැතිව්ස් පිතිකරණ අංශයේ ස්ථාන 08කින් ඉදිරියට පැමිණ ඇති අතර ඔහු මේ වන විට හිමිව ඇත්තේ 16වන ස්තානයයි.
මිට අමතරව කුසල් මෙන්ඩිස් 30 වන ස්ථානයේ සිට 26වන ස්ථානය දක්වාද, ධනංජය ද සිල්වා 39වන ස්ථානයේ සිට 37වන ස්ථානය දක්වාද ඉදිරියට පැමිණ තිබෙනවා.
දිමුත් කරුණාරත්න පිතිකරණ ශ්‍රේණිගත කිරිම්හිවල 11 වන ස්ථානයේ පසුවනවා.
මේ අතර ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණි ගත කිරිම්හි 22වන ස්ථානය දක්වා ස්ථාන 04කින් ඉදිරියට පැමිණිමට සුරංග ලක්මාල් සමත්ව තිබෙනවා.