දරිද්‍රතාව තුරන් කිරීම හා ජීවනෝපාය සංවර්ධනය සදහා කාර්යසාධක බළකායක් පත් කර තිබෙනවා.
විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩගාර ලේකම් එස් බී දිවාරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාර්යසාධක බළකාය විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන දැනුම සහ අත්දැකීම් බහුල සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත වනවා. පසුගිය කාලයේ දේශීය ආර්ථික ශක්තීන් ජාත්‍යන්තර සිද්ධාන්ත තුළ නිසි ඇගයීමකට ලක්වූයේ නැහැ.
ග්‍රාමීය, වතු හා නාගරික අඩු ආදායම්ලාභී ජනතාවගේ නිපුණතා සුවිශේෂතා හා ශක්‍යතා මෙන්ම දුර්වලතා සහ අභියෝග නිසි තක්සේරුවකට ලක් නොවීමද දක්නට ලැබුණා. ඉන් ජනතා අපේක්ෂා භංගත්වයට පත්ව ඇති බව වත්මන් රජය හදුනාගෙන තිබෙනවා. ගම සමග පිළිසදරක් හා සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන් සම්පාදනයේදී ග්‍රාමීය හා අඩු ආදායම්ලාභී ජනතාවගේ දුෂ්කරතා හා ගැටලු නිරීක්ෂණයට ලක් කෙරුණා.
අධ්‍යාපන පහසුකම් පුළුල් කරමින් සිසු නිපුණතා හා කුසලතා දියුණු කිරීමේ වැඩපිළිවෙළ මෙන්ම ජනතාවගේ සෞඛ්‍යය, ගුණාත්මක ආහාර පරිභෝජනය, පරිසර සංරක්ෂණය ආදියට මෙහිදී රජය ප්‍රමුඛතාව ලබා දී තිබෙනවා. අමාත්‍යාංශ, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වශයෙන් වූ රාජ්‍ය යාන්ත්‍රණය හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුනර්ජීවනය කරමින් ග්‍රාමීය හා වතු අඩු ආදායම්ලාභී ජනතාව ව්‍යවසායකයින් ලෙස ආර්ථිකය බලගැන්වීමේ ක්‍රියාදාමයට සෘජුව සම්බන්ධ කර ගත යුතුයි.
ඒ සදහා උචිත පරිදි මූල්‍ය ආයතන මගින් ප්‍රතිපාදන වෙත ළගාවීමට ඇති අවස්ථා පුළුල් කර නව ප්‍රවේශ ස්ථාපනයකිරීම අත්‍යවශ්‍ය වනවා. සාමාජිකයින්ගේ විචක්ෂණභාවය, සාමාර්ථය හා විශ්වාසවන්ත භාවය කෙරෙහි භක්තියෙන් යුතුව කාර්ය සාධක බළකාය පත් කළ බව ජනාධිපතිතුමා පවසනවා.