රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රධාන අභියෝගය ආර්ථික වර්ධනය සමග ලාභ උත්පාදනය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ලාභ අපේක්ෂා නොකරන රාජ්‍ය ආයතන ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැලසිය යුතු බවයි ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිතුමා අවධාරණය කළේ.
ජාතික ආර්ථිකයට හා මහජන සේවා සම්පාදනයට සෘජුව දායක වන රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල නව සභාපතිවරුන් හා ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සහ ජනාධිපතිතුමා අතර හමුවක් පැවැත්වුණා. ජනාධිපති කාර්යාලයේ පැවති එම හමුවට ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/HKp5TXiHcBY”]