දෙමළ ප්රගතිශීලී සන්ධානය එජාපය හැරයන ලකුණු
Related Articles
දෙමළ ප්රගතිශීලී සන්ධානය එළඹෙන මහමැතිවරණයේදී වෙනම තරග කිරීමට බලාපොරොත්තුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා. විසඳුමක් නැති එක්සත් ජාතික පක්ෂ අර්බුදය හේතුවෙන් එම සන්ධානයට අයත් දේශපාලන පක්ෂ ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගනු ඇති බවයි තලවකැළේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ.
මේ අතර විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පක්ෂ අර්බුදය පිළිබඳ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාගෙන් ප්‍රශ්න කළා.