අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ ප්‍රසන්න ජයවර්ධන මහතාගේ වියෝවයෙන් පසුව පුරප්පාඩු වී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුධූරය සඳහා ජනාධිපතිවරයා විසින් ඔහුගේ නම ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කර තිබුණා.
එමෙන්ම ඒ.එච්.එම්.දිලීප් නවාස් මහතා අභියාචනාධිකරණයේ සභාපති ලෙස පත් කිරීමටද අනුමැතිය ලබා දී තිබෙනවා.
මෙම පත්කිරීම් සදහා නම් නිර්දේශ කර ව්‍යවස්ථාදායක සභාවට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්‍රියා කළා. කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ව්‍යවස්ථාදායක සභා රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන් හා තලතා අතුකෝරාළ යන මහත්ම මහත්මීන් සහභාගී වුණා.
එමෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන් වන එන්. සෙල්වකුමාරන් සහ ජාවිඩ් යූසුප් යන සාමාජිකයන්ද මීට එක් වුණා.