fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෛද්‍ය සාෆිගේ පෙත්සම විභාග කිරීමට දින නියම වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2020 15:12

වෛද්‍ය සාෆිගේ පෙත්සම විභාග කිරීමට දින නියම වෙයි

අයථා ලෙස මුදල් ඉපැයීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි සිහබ්දීන් මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජුනි 24 වනදා යළි සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින ලබා දුන්නා.

මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (24) කැදවූවා. පෙත්සමට අදාළ ශිර්ෂ සංශෝධනය කිරීමට අවශ්‍යබව පෙත්සම්කරු දන්වා සිටියා. රැදවුම් භාරයෙන් තමා නිදහස් කිරීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මෙහි පෙත්සම්කරුවන් වන නීතීඥ රුෂ්ඩි හබීබ් සහ වෛද්‍ය සාෆි ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් පෙත්සම්කරු මේ වන විට ඇප මත මුදා හැර සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2020 15:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්