fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෝෂාභියෝග ඡන්ද විමසීමේදී කෙළිබිමක් වූ ඇමෙරිකා පාර්ලිමේන්තුව

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2020 19:16

දෝෂාභියෝග ඡන්ද විමසීමේදී කෙළිබිමක් වූ ඇමෙරිකා පාර්ලිමේන්තුව

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සඳහා ඡන්ද විමසන අවස්ථාවේ සෙනෙට් සභිකයන් නිදා ගනිමින් හා විවිධ ක්‍රීඩාවන් හි නිරත වීම පිළිබඳ විවේචන රැසක් එල්ල වී තිබෙනවා.

ඇමෙරිකා ප්‍රජාතන්ත්‍රවාදයට බාධා කරමින් එරට ජනාධිපතිවරයා තම බලය අයථා ලෙස භාවිත කිරීමට එරෙහිවයි මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කෙරුණේ. දෝෂාභියෝග යෝජනාව මේ වන විට සෙනෙට් මණ්ඩල සාමාජිකයන් විභාග කරමින් සිටිනවා. එම අවස්ථාවේදී සෙනෙට් සාමාජිකයන් පිරිසක් නිදිකිරා වැටෙමින් සිටි අතර තවත් පිරිසක් විවිධ ක්‍රීඩාවල නිරත වී සිටියා. ඇමෙරිකා ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කළ යුතු ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා සෙනෙට් සභිකයන් විනිසුරුවරුන් ලෙස ක්‍රියා කිරීමටයි කටයුතු කර ඇත්තේ.

දෝෂාභියෝගය විභාගයට ගන්නා අවස්ථාවේදී සෙනෙට් සභිකයන්ට ජංගම දුරකථන භාවිතය තහනම් වන අතර තම අසුන්වලින් නැගිට සිටීම ද තහනම් වනවා. එහෙත් ඇතැම් සෙනෙට් සභිකයන් තම අසුන්වලින් නැගිට ගිය බව ද සඳහන්. බොහෝ දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ මෙම දෝෂාභියෝගය පරාජය කිරීමට ඇමෙරිකා ජනාධිපතිවරයාට හැකියාව ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේදී සිය ප්‍රතිවාදී ජෝ බයිඩ්න් පරාජය කිරීම සඳහා යුක්රේනයේ සහාය ලබා ගැනීම හේතුවෙනුයි මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කෙරුණේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2020 19:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්