වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනිමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. ඒ එංගලන්තය සමග පැවති තරගය කඩුලු 02කින් ජයගනිමින්.
දකුණු අප්‍රිකාවේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 07ක් දැවි ලකුණු 252ක් රැස් කළා. බෙන් චාර්ල්ස්වර්ත් ලකුණු 82යි. ජයග්‍රහණය සදහා ලකුණු 253ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියා කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේදී එම ඉලක්කය පසු කර ගියේ කඩුලු 08ක් දැවි තිබියදියි.
නායක මැකෙන්සි හාර්වි ලකුණු 65යි. මෙම පරාජයත් සමග එංගලන්ත කණ්ඩායම 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදු වුනා.