fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාතර ත්‍රීරෝද රථ රියදුරෙකු බිහි කළ දරුවාගේ අනාගතය ?

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2020 18:45

මාතර ත්‍රීරෝද රථ රියදුරෙකු බිහි කළ දරුවාගේ අනාගතය ?

ත්‍රීරෝද රථ රියදුරෙකු මාතර මහ රෝහලේදී දරුවෙකු බිහි කළ බවට මහත් ආන්දෝලනාත්මක පුවතක් පසුගිය දිනවල වාර්තා වුණා. එම දරුවා බිහි කළ අය දරුවා භාර ගැනීමට අකමැත්ත පළකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දරුවා හදා වඩා ගැනිමට කැමති යුවලකට භාරදීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලෙස දරුවා බිහි කළ කාන්තාව රෝහලේ බලධාරින්ගෙන්  ඉල්ලා තිබෙනවා. ඇයගේ සුවදුක් බැලීමට අවසරලත් පිරිසකට පමණක් අවස්ථාව ලබා දීමටයි රෝහලේ බලධාරින් කටයුතු යොදා ඇත්තේ.

අදාළ සිදුවිම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම කඩවසම් තරුණයෙකුගේ පෙනුමක් ඇති කාන්තාවට රූමත් පෙම්වතියක්ද සිට ඇති බවයි. පිරිමි පුද්ගලයෙකු ලෙස ලියාපදිංචි වී පසුගියදා මාතර රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුවයි මෙම දරු උපත සිදු කළේ. උදරයේ වේදනාවක් ඇති බව පවසමින් පිරිමියෙකු ලෙස රෝහල් ගතවූ විට පිරිමි වාටටුවට ඇතුළත් කර තිබෙනවා.

වෛද්‍යවරයා රෝගියාගේ උදරය පරික්ෂා කිරිමේදී ගැබ්ගෙන ඇති බවත් ඔහු කාන්තාවක බවත් හදුනාගෙන තිබෙනවා. පසුව වෛද්‍ය උපදෙස් මත කඩිනමින් මෙම පුද්ගලයා ගැබිණි මව්වරුන්ගේ වාට්ටුවට ඇතුලත් කෙරුණා.

පිරිමියෙකුගේ ශරීර ලක්ෂණ තිබු මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් ඔහු පදිංචිව සිටි ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු  ලෙස රැකියාවේ නිරතව සිට තිබෙනවා. ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ ඇති වූ තත්ත්වයක් හේතුවෙන් මෙලෙස පිරිමියෙකු ලෙස හැරසිරි ඇති බවයි හෙළිවුණේ. උපතින් කාන්තාවක බවත් සැත්කමකින් පියයුරු ඉවත් කර ඇති බවත් හෙළි වුණා. මේ හේතුවෙන් දරුවාට මව්කිරි ලබාදීමට නොහැකිවි තිබෙනවා.

දරුවා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර මව් කිරි ලබා දීමටයි රෝහල් බලධාරින් පියවර ගෙන තිබෙන්නේ.  මේ පිළිබද අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව දරුවා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනිමටයි නියමිතව ඇත්තේ. මාතර මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමරශන සිදු කරනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2020 18:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්