එක්දින තරග 3 කින් සහ විස්සයි විස්ස තරග 2 කින් සමන්විත ක්රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පෙබරවාරි මස 10 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.
පළමු එක්දින තරගය දිවා තරගයක් ලෙස කොළඹ එස්.එස්.සී. ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වෙනවා.
දෙරට අතර දෙවැනි එක්දින තරගය පෙබරවාරි 26 වනදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
තුන්වන තරගය මෙන්ම විස්සයි-20 තරග දෙකත් මහනුවර පල්ලෙකැලේ ක්රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.